හංවැල්ලෙන් මවකගේ සහ දියණියකගේ මළ සිරුරු හමුවේ

කැපුම් තුවාල සහිත මවකගේ සහ දියණියකගේ මළ සිරුරු හමුවේ

by Staff writer 19-06-2018 | 6:47 PM

COLOMBO (News 1st) - හංවැල්ල, වැලිපිල්ලෑව මගුල වග ප්‍රදේශයේ නිවසක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි මවක හා දියණියකගේ මළ සිරුරු 2 ක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් අතර සිටි මාස 4 ක බිළිදෙක් නිරුපද්‍රිතව බේරාගෙන රෝහල්ගත කළ බවයි. අද පස්වරුවේ එම මළ සිරුරු 2 ක සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මියගොස් ඇත්තේ 68 හැවිරිදි මව සහ 38 හැවිරිදි දියණියකි. ඊයේ රාත්‍රි කාලයේදී දියණියගේ සැමියා විසින් ඔවුන් දෙදෙනා ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.