40 වසරකට පසු පාපන්දු පිටියේ ජය අහිමි වූ බ්‍රසීලය..

40 වසරකට පසු පාපන්දු පිටියේ ජය අහිමි වූ බ්‍රසීලය..

by Staff writer 18-06-2018 | 9:07 AM
2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ අනුව 1978 වසරට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක මූලික වටයේදී බ්‍රසීලය සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට අසමත් වූ පළමු අවස්ථාව මෙයයි. තරගාවලියේ ඊ කාණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය රොස්ටොව් එරීනා ක්‍රීඩාංගණයේදී පැවත්විණ. තරගයේ පළමු අර්ධයේදී ප්‍රබල බ්‍රසීලය තරගයේ ඉදිරියෙන් සිටි අතර තරගය ආරම්භ වී මිනිත්තු 20කට පසුව කණ්ඩායම ගෝල රැස් කිරීම ආරම්භ කළේ ය. එම ගෝලය වාර්තා කරනු ලැබුවේ, පිලිපේ කුටීන්යෝ විසිනි. ඒ අනුව පළමු අර්ධය අවසන් වන විට ගෝල1ට 0ක් ලෙස බ්‍රසීලය පෙරමුණ ගත්තේ ය. ස්විට්සර්ලන්තය තරගයට අවතීරණ වූයේ දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 5කට පසුව ගෝලයක් රැස් කිරීමත් සමගයි. එම කණ්ඩායමේ සුබර් ගෝලය රැස් කළේ ය. කෙසේ නමුත් ඉන් අනතුරුව තරගය තියුණු ස්වභාවයක් ගත් අතර දෙපිළටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත් විය. 1978 වසරට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක මූලික වටයේදී බ්‍රසීලය සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට අසමත් වූ පළමු අවස්ථාව මෙය වේ.