සේවයට නාවොත් තනතුරු හැර ගියා සේ සලකනවා

සේවයට නාවොත් තනතුරු හැර ගියා සේ සලකනවා

by Staff writer 18-06-2018 | 9:02 PM

COLOMBO (News 1st) - හෙට දින සේවයට වාර්තා නොකරන සියලු තැපැල් සේවකයින් තනතුරු හැර ගියා සේ සලකන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ, සියලු සේවක නිවාඩු අවලංගු කර ඇති බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තැපැල්පතිවරයා උපුටා දක්වමින් නිවේදනය කළේ, සියලුම තැපැල් කාර්යාල විවෘත කර රාජකාරි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂා සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතු බවයි. ඒ අවශ්‍යතාව අනුව අදාළ ප්‍රදේශවල පොලීසියේ සහය ලබාගත හැකි බව ද තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ ය. සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන සහ පත්වීම් ස්ථිර නොකරන ලද කාර්ය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ තවදුරටත් පරිපාලනය විසින් වගකියනු නොලබන බව ද තැපැල්පතිවරයා පැවසීය.