සපුගස්කන්දට තෙල් ගොඩබාන බෝයාවේ නළයක් කැඩීයයි

by Staff writer 18-06-2018 | 2:38 PM

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දක්වා බොරතෙල් ගොඩබෑම සිදු කරන බෝයාවේ නළයක් කැඩී ගොස් තිබේ.

ඛණීජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර මහතා පැවසුවේ, සාගරයේ ඇති බොරතෙල් නෞකාව සහ බෝයාව සම්බන්ධ කෙරෙන පාවෙන නළයක් එලෙස කැඩි ගොස් ඇති බවයි. එම නළයේ අලුත්වැඩියා කටයුතු සඳහා නිලධාරීන් පිටත්ව ගොස් ඇති බව ඔහු පැවසී ය. කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ, ඒ හේතුවෙන් බොරතෙල් ගොඩබෑමේ කටයුතුවලට බලපෑම් එල්ලවී නොමැති බවයි. කෙසේ වෙතත් මුහුද රළු වුවහොත් එම නළයේ අලුත්වැඩියා කටයුතුවලට බාධා මතුවිය හැකි බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=HsA77AO_PlA