යාපනයේ වෙඩි තැබීම පිළිබඳ විමර්ශන ඇරඹේ

යාපනයේ වෙඩි තැබීම පිළිබඳ විමර්ශන ඇරඹේ

by Sagarika Chathumali 18-06-2018 | 10:22 AM

යාපනය, තෙලිප්පලෙයිහිදි පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගයෙකු මියයාම පිළිබඳ කන්කසන්තුරේ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පැවැත්වීමට නියමිතයි. ඊයේ යාපනය තෙලිප්පලෙයිහිදි දෙපිරිසක් අතර ගැටුමක් සමතයට පත් කිරීමට මැදිහත් වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත් කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගයෙකු ජීවිතක්ෂයට පත්විය. මල්ලක්කම් මංසන්දියේදී දෙපිරිසක් අතර හටගත් එම ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනක් තුවාල ලැබූහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිසි නිලධාරීන් දෙදෙනා දියේ ගිලුණු පුද්ගලයෙකුගේ මළ සිරුරක් තෙලිප්පලෙයි රෝහල් වෙත රැගෙන යමින් සිටියදී මෙම ගැටුම සමතයට පත් කිරීමට මැදිහත් වී ඇති බවයි.