මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණන් ලිපි ගොඩ ගැසෙයි

මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණන් ලිපි ගොඩ ගැසෙයි

by Sagarika Chathumali 18-06-2018 | 9:50 AM
වැඩ වර්ජනයේ නිරත තැපැල් සේවක ගැටලු විසඳීමේ අරමුණින් අද දිනයේ සාකච්ඡාවක් කැඳවා ඇතැයි, තැපැල්පති රෝහණ අබේරත්න පවසයි. තැපැල්පතිවරයා පැවසුවේ, සාකච්ඡාවට විෂය භාර අමාත්‍යවරයා ද සහභාගීවීමට නියමිත බවයි. ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, තම වැඩවර්ජනය ආරම්භ කර අදට සතියක් ගතවී ඇති බවයි. සිය වර්ජනයෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ පිට පළාත් තැපැල් ස්ථානවල ලක්ෂ 15 කට අධික ලිපි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි, ඔහු සඳහන් කළේ ය. තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ, ජනතාව තවදුරටත් පීඩාවට පත් නොවන අයුරින් මෙම ගැටලුව අද දිනයේ විසඳීමට අපේක්ෂා කරන බවයි.