by Hashini De Mel 18-06-2018 | 10:28 PM
COLOMBO (News 1st) - අවසන් දිනට අද පැවැත්වෙන කොදෙව් - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිදු වූ බව කියන පන්දුවේ හැඩය වෙනස් කිරීමට අදාළ විමර්ශන හෙට ආරම්භ කරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල පවසයි.
මේ අතර චෝදනා ලත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, තරගය අතර තුර පන්දුව ඔප දමන දර්ශන පෙළක් මේ වන විට මාධ්‍යට නිකුත්වී තිබේ.
ඊයේ දිනයේදී නැවත වතාවක් පන්දුවේ ස්වභාවය පිළිබඳව ගැටලුකාරී ස්වාභාවයක් මතු විය.
ඒ, පන්දුව ඇලෙනසුළු ස්වභාවයක් ගෙන තිබෙන බවට විනිසුරුවරුන් නිරීක්ෂණය කිරීමත් සමගයි.
ඉන් අනතුරුව විනිසුරුවරුන් පන්දුවට පහර දෙමින් සිටි රොෂේන් සිල්වාගේ ක්‍රිකට් පිත්ත පරීක්ෂාවකට ලක් කෙරිණි.
එහිදී විනිසුරුවරුන් රොෂේන් සිල්වාට ප්‍රකාශ කළේ ක්‍රිකට් පිත්ත මාරුකිරීමට කටයුතු කරන ලෙසයි.
ඒ අනුව ක්‍රීඩාගාරයෙන් රොෂේන් සිල්වා හට නව ක්‍රිකට් පිත්තක් රැගෙනවිත් දෙන අයුරු දැක ගැනීමට ලැබුණි.
ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ දිනය සඳහා නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් අතැතිව කොදෙව් කණ්ඩියමට වඩා ලකුණු 287 ක් ඉදිරියෙන් සිටි.