දරු පරපුර රැක ගැනීමට සියලු පාර්ශව එක්විය යුතුයි

දැයේ දරු පරපුර රැක ගැනීම සඳහා සියලු පාර්ශව එක්විය යුතුයි - ජනපති

by Staff writer 18-06-2018 | 6:00 PM

COLOMBO (News 1st) - දැයේ දරු පරපුර රැක ගැනීම සඳහා සියලු පාර්ශවයන් කොන්දේසි විරහිතව එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමිනි. එම සමුළුව අද පෙරවරුවේ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත් විය. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන් හා උතුරු පළාත් සභාවේ ඇමතිවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.