තැපැල් සේවක විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වසා දැමේ

තැපැල් සේවක විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වසා දැමේ...

by Staff writer 18-06-2018 | 2:05 PM
COLOMBO (News 1st) :  වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ.  අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් ඕල්කට් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත ඇතුළු මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් පවතින බවයි. බඳවා ගැනීමේ පටිපාටියට විරෝධය පළකරමින් තැපැල් සේවකයින් ආරම්භ කල වැඩවර්ජනයට මේ වන විට සතියක් ගතව ඇති අතර ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ ඉල්ලීම් සඳහා මෙතෙක් විසඳුම් ලබා නොදිමට එරෙහිවයි.