ජපානයේ ඔසාකා හි භූ චලනයක්

ජපානයේ ඔසාකා හි හටගත් භූ චලනයෙන් තිදෙනෙක් මරුට

by Staff writer 18-06-2018 | 5:45 PM

ජපානයේ ඔසාකා හි හටගත් භූ චලනයකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තව ත් පුද්ගලයින් 200 අධික පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ චලනයේ ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6.1 ක් ලෙස සටහන් වූ අතර කියෝතෝ, ෂිගා, නාරා යන ප්‍රදේශවලට ද මෙම භූ චලනයේ ප්‍රභලත්වය දැනී ඇති බවයි. භූ චලනයේ බලපෑම හේතුවෙන් ඔසාකා නගරයේ දුම්රිය ගමනාගමනය සහ කර්මාන්තශාලාවල වැඩකටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර ගිනි ගැනීම් රැසක් වාර්තා වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. කෙසේ වෙතත් භූ චලනය හේතුවෙන් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත. භූ චලනය සිදු වූ අවස්ථාවේ විදුලි සෝපානවල සිටි පුද්ගලයින්ට පිටතට යාමට නොහැකිව සිරව සිටි බව ද ඔසාකා සහ කියෝතෝ නගරවලින් වාර්තා වේ.