අංගොඩ ලොක්කාගේ සහයකයෙකු අත්අඩංගුවට

ඝාතන කිහිපයකට සම්බන්ධ අංගොඩ ලොක්කාගේ සහයකයෙකු අත්අඩංගුවට

by Staff writer 18-06-2018 | 4:19 PM

COLOMBO (News 1st) - මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය කළ වැටලීමකිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ සහයකයෙකු බවයි. ඔහු සන්තකයේ තිබි මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් හා උණ්ඩ 5 ක් ද සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළදී කාන්තාවක් ඝාතනය කිරීම හා මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී පොලී රොෂාන් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරු බවට හඳුනාගෙන ඇත.