ATMයන්ත්‍රවලින් මුදල් වංචා කළ පුද්ගලයින්ට වැඩ වරදී

ATM යන්ත්‍රවලින් ලක්ෂ 80 කට අධික මුදලක් වංචා කළ පුද්ගලයින්ට වැඩ වරදී

by Staff writer 17-06-2018 | 1:08 PM

COLOMBO (News 1st) - ATM යන්ත්‍රවලින් රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු මීගමුව, කුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මීගමුව සහ ජාඇල පොලිස් බල ප්‍රදේශවල ATM යන්ත්‍රවලින් මෙම සැකකරුවන් මුදල් වංචා කර ඇති බවයි. සැකකරුවන්ගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව රුපියල් ලක්ෂ 28 ක මුදල් තොගයක් සහ වංචා කළ මුදලින් ලබාගත් යතුරු පැදියක් ද පොලීසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 හැවිරිදි මීගමුව පදිංචිකරුවන් වන අතර අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේ ය.