සිංහරාජයේ අලි දෙදෙනා ඇල්ලීමට අඛණ්ඩ මෙහෙයුම්

සිංහරාජයේ අලි දෙදෙනා ඇල්ලීමට අඛණ්ඩ මෙහෙයුම්

by Staff writer 17-06-2018 | 6:46 AM

COLOMBO (News 1st) - ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ සිටින අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක බව වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු පැවසුවේ, ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි. සිංහරාජ වනාන්තරයෙන් අලි දෙදෙනා ඉවත් කළ හොත් එය ලෝක උරුම ලයිස්තුවෙන් ගිලිහී යාමේ අවදානමක් පවතින බවට කළ යුනෙස්කෝ සංවිධානයේ අනතුරු ඇඟවීම පිළිබඳව ද අප අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේ ය. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් පළ කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ජනාධිපතිතුමා ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඉවත් නොකරන ලෙසට තමන්ට උපදෙස් ලබා නොදුන් බවයි. මේ අතර 22 ගෙන් සමන්විත වනජීවි නිලධාරී කණ්ඩායමක් සිංහරාජ වනාන්තරයේ රැඳී සිටින බව ඌව සහ දකුණු පළාත භාර වනජීවි සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා සඳහන් කළේ ය.