ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටිනවා

සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටිනවා - ක්‍රිකට් ආයතනය

by Staff writer 17-06-2018 | 12:56 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඊයේ ඇති වූ සිදූවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ක්‍රීඩාවේ මහත්මා ගුණය හේතුකොට ගෙන දෙරට අතර ටෙස්ට් තරගය ඉදිරියට ගෙන යාමට සහය දුන් බවයි. යම් හෙයකින් පන්දුවේ ස්වාභාවය වෙනස් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා චෝදනා එල්ල වුවහොත් එයට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙනි සිටන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ක්‍රීඩා අමාත්‍ය, ෆයිසර් මුස්තාපා හා ක්‍රිකට් ආයනතයේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන කමල් පත්මසිරි මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද ස්ලිවා මහතා ඇතුලු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මේ සිදුවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනිසිටන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ ය.