යාපනයේ ගැටුමක පොලිස් වෙඩි තැබීමකින් අයෙකු මරුට

යාපනයේ ගැටුමක් අතරතුර පොලිස් වෙඩි තැබීමකින් අයෙකු මරුට

by Staff writer 17-06-2018 | 8:59 PM

COLOMBO (News 1st) - යාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් සමථයට පත් කිරිම සඳහා මැදිහත් වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත් කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගයෙකු මියගොස් තිබේ.

දියේ ගිලුණු පුද්ගලයෙකුගේ මළ සිරුරක් තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන යමින් සිටියදී අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ගැටුම සමථයකට පත් කිරිමට මැදිහත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මල්ලක්කම් මංසන්ධියේදී දෙපිරිසක් අතර, හටගත් එම ගැටුමෙන් දෙදෙනකු තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.