ඔස්ට්‍රේලියාව පැරදු ප්‍රංශයට ජය

ඔස්ට්‍රේලියාව පැරදු ප්‍රංශයට ජය

by Staff writer 17-06-2018 | 8:11 AM

COLOMBO (News 1st) - 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගය ජය ගැනීමට ප්‍රබල ප්‍රංශය සමත් විය.

සී කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගය රුසියාවේ කාසන් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පලමු අර්ධයේදී දෙපිලටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමිවී නොමැත. නමුත් තරගයේ දෙවන අර්ධයේදී දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමෙන් සිය කණ්ඩායමට පළමු ගෝලය වාර්තා කරදීමට ඇන්ටෝනියෝ ග්‍රිස්මන් සමත් වූයේ, තරගයේ 58 වන මිනිත්තුවේදීයි. ප්‍රතිවාදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මයිල් ජෙඩිනක් තරගයේ 62 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් මගින් සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ ය. තරගයේ ජයග්‍රහණය දෙපිල අතර දෝලනය වෙමින් පවතින අවස්ථාවක ප්‍රංශ කණ්ඩායමේ පොග්බා සිය කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ, තරගයේ 80 වන මිනිත්තුවේදීයි. ඒ අනුව ගෝල 2 ට 1 ක් ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කර තරගයේ ජය තහවුරු කර ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් විය.