'දැවෙන විහඟුන්' තිරගතවීමට සියල්ල සූදානම්

'දැවෙන විහඟුන්' තිරගතවීමට සියල්ල සූදානම්

by Staff writer 17-06-2018 | 11:59 AM

COLOMBO (News 1st) - යොවුන් සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාරගේ 'දැවෙන විහඟුන්' සිනමා පටය ලබන 29 වන දා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගතවීමට නියමිතව තිබේ.

චාන්දනී සෙනවිරත්න, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, මහේන්ද්‍ර පෙරේරා ඇතුලු රංගන ශිල්පින් රැසක් ඊට රංගන දායකත්වය ලබාදෙනු ඇත. දැවෙන විහඟුන්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් චිත්‍රපට උළෙල ඇතුලු ජාත්‍යන්තර සම්මාන උළෙල රැසකදී සම්මානයට පාත්‍ර විය.