උමා ඔය ව්‍යාපෘතියේ කිලෝමීටර් 8ක් දුර සිදුවන කැනීම්

තවත් වසරකින් අවසන් වන උමා ඔය ව්‍යාපෘතියේ කිලෝ මීටර් 8ක් දුර සිදුවන කැනීම්

by Staff writer 17-06-2018 | 6:15 PM
COLOMBO (News 1st) - උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීම සඳහා තවත් අවුරුද්දකට ආසන්න කාලයක් ගතවන බව එහි ඉංජිනේරුවරුන් පවසයි. ඊට හේතු වී ඇත්තේ කරඳගොල්ල උමං මාර්ගයේ කැනීම් කටයතුවලදී මතුවූ ජල කාන්දුව තවමත් සිදුවීමයි. ජනතා විරෝධය ආරම්භ වූ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ . 2008 වසරේදී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වැඩකටයුතු ආරම්භ කෙරුණේ ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේදී ය. පරිසරවේදීන් දිගින් දිගටම චෝදනා කළේ, මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ ලට සිදුව ඇති හානි වැළැක්වීම සඳහා ව්‍යාපෘති ඉංජිනේරුවරුන් කටයුතු කර නොමැති බව ය . ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව නෝර්වේජියානු විශේෂඥයින් පිරිසක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේය . බදුලු ඔය අවස්ථා දෙකකදී හරස් කර ඉදිකර ඇති ඩයරබා හා පුහුල්පොල ජලාශවලට රැස්වෙන ජලය කරඳගොල්ල දක්වා රැගෙන එන්නේ කිලෝමීටර් 23ක් පමණ දිග භූගත උමං මාර්ගයකිනි . පළමු වරට එහි ජල කාන්දුවක් සිදුවූයේ 2014 වසරේ දෙසැම්බර් මාසයේදී ය . උමා ඔය ව්‍යාපෘතියේ කැනීම් අංශ භාර ඉංජිනේරු නිහාල් පෙරේරා මහතා
අවසාන වතුර කාන්ඳුවීමෙන් පස්සේ අපේ නෝර්වේජියානු විශේෂඥයින් අපිටි උපදෙස් දුන්නා වතුර ඇතුළට එන එක හොඳටම සීමා කරන්නේ නැතුව හාරන්න එපා කියලා. තව අවුරුද්දයි මාස තුනක් විතර යනකොට කැනීම් කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි විශේෂයෙන් වතුර උල්පත් වැඩියෙන් හම්බුණොත් තව පොඩ්ඩක් වැඩියෙන් යයි .
කරඳගොල්ලේ උමං මාර්ගයේ මේ විනවිට කිලෝමීටර් 8ක පමණ දුරක් කැනීම් කර අවසන් කර තිබේ. තත්පරයකට ලීටර් 500 - 600 අතර ජල ප්‍රමාණයක් මේ වනවිට උමඟ තුළින් කාන්ඳු වෙමින් පවතී. ජලය කාන්දුවීම නිසා උමගේ කැනීම් , දිනකට මීටර් 2 ත් -3 ත් අතර ප්‍රමාණයකට සීමා කර ඇති අතර ක්‍රමානුකූලව ජලය කාන්දුවන ස්ථාන අවහිර කරනු ලැබේ. ව්‍යාපෘතිය යටතේ කැනීම් සිද්ධ වනවිට සුන්දර දියඇලි වලට ජල පෝෂක ප්‍රදේශවලට සහ මිනිස්සුන්ගේ ජීවිත වලට සිදුවුණේ කුමක්ද ? තොරතුරු හෙට බලාපොරොත්තු වන්න..