කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට තව ත් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 17-06-2018 | 3:50 PM

COLOMBO (News 1st) - කතරගම, කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තව ත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය. ඒ අනුව වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.