හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවෙකු පූජාපිටියේදී අත්අඩංගුවට

by Staff writer 16-06-2018 | 9:45 AM

COLOMBO (News 1st) - මහනුවර, පූජාපිටිය, දොලපිහිල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ මහනුවරට දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරිමේදී හෙරොයින් ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 350 ක් සන්තකයේ තබාගෙන සිටියදි සැකකරු අත්අඩංගුව ගත් බව ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බටගොල්ලන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.