සෙමින් ගොඩ නැගෙන කොදෙව් ඉනිම

සෙමින් ගොඩ නැගෙන කොදෙව් ඉනිම ශ්‍රී ලංකාවට අභියෝගයක්වන ලකුණු

by Staff writer 16-06-2018 | 8:17 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් පැවැත්වේ.

ඊයේ දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 2 ක් දැවී, ලකුණු 118 ක් රැස් කරගෙන සිටියේය. ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 253ක් රැස් කළේය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 119 ක් ලබා ගත්තේය. කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක් රැස් කළේය . ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුණු 10 යේ සීමාව පසුකිරීමට හැකිවූයේ නැහැ . පන්දු යැවීමේදී ෂැනොන් ගාබ්‍රියෙල් කඩුලු 5 ක් දවා ගත්තේය. කෙමර් රොච් කඩුලු 4 යි . පිළිතුරු සිය පළමු ඉනිම සදහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 59කි. ඊයේ දිනයේදී තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල විය. කොදෙව් ඉනිමේ දෙවන කඩුල්ල ලකුණු 115දී දැවී ගියේය. ඊයේ දිනය නිමාවන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ඩෙවෝන් ස්මිත් නොදැවී ලකුණු 53 ක් ලබා සිටියේය.