වහාම සේවයට වාර්තා කරන්න - තැපැල්පති

විසඳුම් සඳහා සාකච්ඡා කළ හැකියි: වහාම සේවයට වාර්තා කරන්න - තැපැල්පති

by Staff writer 16-06-2018 | 12:53 PM

COLOMBO (News 1st) - වැඩ වර්ජනයේ නිරත සියලු කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථානය වෙත හැකි ඉක්මණින් වාර්තා කරන්නැයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඉල්ලීමක් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සාධාරණ බව තැපැල් සේවා අමාත්‍යාංශය පිළිගන්නා බව ය. එම ඉල්ලීම් සඳහා ඉදිරි මාසය ඇතුලත සියලු දෙනාට පිළිගත හැකි විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ. මේ අතර බඳවා ගැනීමේ පටිපාටිය ඇතුළු කරුණු දෙකක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 6 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ සිය වැඩ වර්ජනය හේතුවෙන් විදෙස් තැපැල් මළු දහසකට ආසන්න ප්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපොළේ ගොඩගැසී ඇති බව ය. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙන්ම දිවයින පුරා තැපැල් කාර්යාලවල ද ලිපි විශාල සංඛ්‍යාවක් ගොඩගැසී ඇතැයි ඔහු සඳහන් කළේය.