දඹුලු විහාරයේ බුදු පිලිමවල බදාම ගැලවී යාමේ අවදානමක

ලෝක උරුම දඹුලු විහාරයේ බුදු පිලිමවල බදාම ගැලවී යාමේ අවදානමක්

by Staff writer 16-06-2018 | 12:15 PM

COLOMBO (News 1st) - ලෝක උරුම ඓතිහාසික රංගිරි දඹුලු රජ මහා විහාරයේ ඇති කුඩා බුදු පිලිම 18ක බදාම ගැලවී යාමේ අවදානමක් මතුව තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගුහා තුළ ඇති තෙතමනය මේ තත්ත්වයට ප්‍රධාන හේතුව බව ය. වැසි දිනවල පරිසරයේ තෙතමනය උරා ගැනීමත් සමග ප්‍රසාරණයට ලක්වන පිලිම අභ්‍යන්තරයේ ඇති දැව කොටස් උණුසුම් දිනවල සංකෝචනය වීම වසර ගණනාවක් පුරා සිදුවීම හේතුවෙන් පිලිමවල බදාම ස්ථරයට හානි වී ඇති බව දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලදී හෙළිව තිබේ. ඒ, අනුව අදාළ බුදු පිළිබඳ කඩිනමින් සංරක්ෂණය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දඹුලු විහාරයේ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පිලිම සංරක්ෂණය කරන බව ය. මහනුවර යුගයට අයත් මෙම බුද්ධ ප්‍රතිමා අවසන් වරට සංරක්ෂණයකට ලක් කළේ, 1996 වසරේදී ය.