මී උණ රෝගීන් වාර්තා වීම ඉහළට

මී උණ රෝගීන් වාර්තා වීම ඉහළට

by Staff writer 16-06-2018 | 11:20 AM

COLOMBO (News 1st) - මී උණ රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ වසරේ ගතවූ කාලය තුළ මී උණ වැළඳුණු රෝගීන් 1,710 දෙනෙකු වාර්තා වී ඇති බව ය.

මේ මාසය තුළදී පමණක් වාර්තා වන මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව 163කි. මේ වසරේ ගතවූ මාස 6 තුළදී කළුතර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින් 245 දෙනෙකු වාර්තා වී ඇතැයි වංසගත රෝග විද්‍යා ඒකකය පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවේ මී උණ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරන ලෙස ය.