නිව්ස්ෆස්ට් - එස්ලොන් දැනමුතු සායනය මහනුවරදී

නිව්ස්ෆස්ට් - එස්ලොන් දැනමුතු සායනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී

by Staff writer 16-06-2018 | 7:45 AM

COLOMBO (News 1st) - නිව්ස්ෆස්ට් - එස්ලොන් දැනමුතු සායනය අද සහ හෙට මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වේ.

සොඳුරු කැදැල්ලක සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට මෙම දැනමුතු සායනයේදී කටයුතු යොදා තිබේ. ගෘහ නිර්මාණ ශිල්පීන්, ජ්‍යෝතිෂ්‍යවේදීන්, සිවිල් ඉංජිනේරුවන් මේ සියලු දෙනා දැනමුතු සායනයේදී හමුවීමට අවස්ථාව හිමි වීම විශේෂත්වයකි. මෙහිදි පොඩිත්තන් වෙනුවෙන් කිඩ්ස්ෆස්ට් තිර පරීක්ෂණ සහ චිත්‍ර තරගයක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. දැනමුතු සායනය උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ. මේ, දැනමුතු සායනය පිළිබඳ තොරතුරු ගෙන එන නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ, සාමාන්‍යධිකාරි යසරත් කමල්සිරි මහතා. [audio mp3="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/06/YASARATH-KAMALSIRI-.mp3"][/audio]