COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙස නම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා කළ ආරාධනය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු ඒ බව ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් මගින් දන්වා තිබේ.

ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා උපදේශකවරුන් ලෙස කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ඇතුළත් කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පෙරේදා නිවේදනය කළේය.
නමුත් මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් ද ක්‍රීඩා අමාත්‍යවරයා කළ ආරාධනාව ඊයේ ප්‍රතික්ෂේප කළේය.