by Staff writer 16-06-2018 | 8:00 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් භාර ගන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ද ප්‍රතික්ෂේප කර තිබේ.
Sports 1st කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට මෙය සුදුසු ම අවස්ථාව නොවන බව ය.
එම යෝජනාව මේ වන විට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයින් ද ප්‍රතික්ෂේප කර තිබේ.
https://www.youtube.com/watch?v=77iKXDIT5i4