කතරගම පොලීසියට වැඩිපුර නිලධාරීන්

කතරගම පොලීසියට වැඩිපුර නිලධාරීන්

by Staff writer 16-06-2018 | 7:13 AM

COLOMBO (News 1st) - කතරගම පොලීසිය සඳහා වැඩිපුර නිලධාරීන් යොදවන ලෙස උපදෙස් ලබා දී ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට කතරගම ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති බව ය. මේ අතර අපරාධ සිදුකර මෙරටින් පලාගොස් විදේශයන්හී සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා පවසයි.