එකට එක කිරීමක් ලෙස චීනයෙන් අමෙරිකාවට තීරු බදු

එකට එක කිරීමක් ලෙස චීනයෙන් අමෙරිකාවට තීරු බදු

by Staff writer 16-06-2018 | 11:59 AM

(News 1st) - චීනය අමෙරිකානු නිෂ්පාදන සඳහා තීරු බදු පැනවීමට සූදානම් වේ.

අමෙරිකානු නිෂ්පාදන 659 ක් සඳහා චීනය තීරුබදු පැනවීමට පියවර ගෙන ඇත්තේ අමෙරිකාව චීන නිෂ්පාදන සඳහා තීරු බදු පැනවීමට එකට එක කිරීමක් ලෙස ය. ඩොලර් බිලියන 50ක වටිනාකමින් යුත් අමෙරිකානු නිෂ්පාදන සදහා සියයට 25ක තීරු බද්දක් පැනවීම චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අමෙරිකාව නව තීරු බදු පැනවීම හා සබඳතාවක් දක්වන බව ද චීනය නිවේදනය කළේය. විදෙස් වාර්තා පවසන්නේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට එරෙහිව තීරු බදු පැනවීම ලොව ප්‍රබලතම ආර්ථිකයන් දෙක අතර පවතින වෙළෙඳ යුද්ධය තවත් තීව්‍ර කරන්නක් බව ය.