ට්‍රම්ප්ගේ හිටපු ප්‍රචාරක කළමනාකරු රිමාන්ඩ්

අමෙරිකානු ජනපතිගේ හිටපු ප්‍රචාරක කළමනාකරු රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 16-06-2018 | 7:50 AM

(News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු ප්‍රචාරක කළමනාකරු පෝල් මනාෆෝට් නඩු විභාගයකින් තොරව බන්ධනාගාරගත කිරීමට වොෂින්ටන් ඩී සී විනිසුරුවරයෙකු විසින් නියෝග කරනු ලැබ තිබේ.

වොෂින්ටන් ඩී සී විනිසුරුවරයා පෝල් මනාෆෝට් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත්තේ ඔහුගේ ඇප අයැදුම්පත ද අවලංගු කරමිනි. ඔහුට එල්ල වන චෝදනාව වන්නේ ජංගම දුරකතන භාවිත කරමින් ඇප කොන්දේසි කඩ කිරීමයි . මේ අතර බදු වංචා, මුදල් විශුද්ධිකරණය හා නීති විරෝධී බලපෑම් කිරීම යන චෝදනා ද පෝල් මනාෆෝට්ට එල්ල වේ. විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ පෝල් මනාෆෝට් නඩු විභාගය තවත් අලෙවිකරණ ව්‍යායාමයක් ලෙස සැළකූ බව අමෙරිකානු දිසා විනිසුරු අමී බර්මන් ජැක්සන් ප්‍රකාශ කළ බව ය. මෙය ඉතා අසාධාරණ ක්‍රියාවක් බව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය. පෝල් මැනාෆෝර්ට් පැනවූ දඬුවම දැඩි බවත් තව දුරට ත් නඩු විභාගය සඳහා ඔහු නොයා යුතු බවත් ජනපතිවරයා වැඩි දුරට ත් ප්‍රකාශ කළේය.