රාගම, ගල්වලක දියනෑමට ගිය පුද්ගලයෙකු මරුට

රාගම, ගල්වලක දියනෑමට ගිය පුද්ගලයෙකු මරුට

රාගම, ගල්වලක දියනෑමට ගිය පුද්ගලයෙකු මරුට

කර්තෘ Staff writer

16 Jun, 2018 | 8:38 am

COLOMBO (News 1st) – රාගම, ගල්වල ප්‍රදේශයේ අතහැර දමන ලද ගල් වලක දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු තවත් මිතුරන් දෙදෙනෙකු සමග ඊයේ පස්වරුවේ ගල් වලේ දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව තිබේ.

මේ අතර මීගමුව, කොච්චිකඩේ, ඒත්තුකාල මුහුදේ දියනෑමට ගොස් අතුරුදන්වූ 16 හැවිරිදි තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයා තව දුරට ත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.