by Staff writer 15-06-2018 | 10:52 AM
COLOMBO (News 1st) - සීමිත ඉඩ සහිත ගෙවතු සහ තට්ටු නිවාසවල පළතුරු වගාව සඳහා ගෘහණියන් දිරි ගැන්වීමට කෘෂීකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම වැඩපිළිවෙළ නාගරික නිවාස සඳහා ඉතාම යෝග්‍ය බව ය.
රසායනික පොහොර හා කෘමිනාශකවලින් තොරව කාබනික පොහොර හා ජෛව පාලන ක්‍රම මගින් වගාව සාර්ථකව පවත්වාගෙන යාමට ඇති හැකියාව මින් අත්වන වාසි බව දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.