by Staff writer 15-06-2018 | 4:16 PM
COLOMBO (News 1st) - ගම්මැද්ද ගමින් - ගමට වැඩ දහසක් ව්‍යාපෘති මාලාව යටතේ පැවති 615 වන ව්‍යාපෘතිය වන මහනුවර, උඩුදුම්බර, පොප්පිටිය පාලම අද ගම්මැද්දෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ , පොප්පටිය ප්‍රදේශයේ පවුල් 500 කට අධික පිරිසක් ජීවත් වේ.
මෙම ගම්මානයට පිවිසෙන එකම පිවිසුම් මාර්ගය වූ ගෙදරඔය හරහා වැටී ඇති ඉලුක්පැන්න සපත්තු පාලම කලක සිට අබලන්වීම හේතුවෙන් ගම්මුන් මුහුණපා තිබුනේ දැඩි දුෂ්කරතාවයකටයි.
අධික වර්ෂාවක් සහිත දිනවලදී කිලෝමීටර 5 ක දුරක් ගෙවා තම නිවෙස් කරා ගමන් ගන්නා වූ මේ ගම්මුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ ගොවිතැන් කටයුතු සඳහා ද මෙය දැඩි බාධාවක්ව පැවතුණි.
ප්‍රදේශවාසීන් එක්ව මේ පිළිබඳව ගම්මැද්ද මහ ලේකම් කාර්යාලයට කළ ඉල්ලීමකට අනුව සපත්තු පාලම එම ස්ථානයෙන් ඉවත්කොට අඩි 60 කින් සමන්විත නව පාලමක් ඉදි කෙරිණි .
මේ සදහා අනුග්‍රහය දැක්වූයේ MAS ඉන්ටිමේට්ස් පෞද්ගලික සමාගමයි.
පාලම ජනසතු කිරීමේ උත්සවයට කැපිටල් මහරාජා ආයතනයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල්, නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ සාමාන්‍ය අධිකාරී යසරත් කමල්සිරි, නිව්ස්ෆස්ට් පරිපාලන අධ්‍යක්ෂ කිත්සිරි දයානන්ද, ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරාළ, කණ්ඩායම් කණ්ඩායම් නායක අමීන් අස්හර්, MAS ඉන්ටිමේට්ස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු, එම ආයතනයේ නිෂ්පාදන අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මානව සම්පත් අධ්‍යක්ෂ දිනාල් පීරිස් යන මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියහ.
https://www.facebook.com/newsfirst.gammadda/videos/1806144239441814/