2020දී උතුරු කොරියාව පිළිබඳ අමෙරිකාවේ අපේක්ෂාව

2020දී උ. කොරියාව න්‍යෂ්ටික අවි හරණය කළ රටක් ලෙස දැකීමට අපේක්ෂා කරන බව අමෙරිකාව කියයි

by Staff writer 14-06-2018 | 8:14 AM

COLOMBO (News 1st) - වසර 2020 වනවිට උතුරු කොරියාව ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික අවි හරණය කළ රටක් බවට පත්වනු දැකීමට අමෙරිකාව අපේක්ෂා කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි.

ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක පෝල් රයන් මාධ්‍ය අමතමින් කියා සිටියේ, උතුරු කොරියානු නායකයා හමුවීමෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ලද ජයග්‍රහණය අගය කළ යුතු බවයි. ඔහු මේ බව සඳහන් කළේ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් හමුවෙන් දිනකට පසුව ය. කොරියානු අර්ධද්වීපය පූර්ණ වශයෙන් න්‍යෂ්ටික අවි හරණය කළ කලාපයක් බවට පත්කිරීම වෙනුවෙන් කටයුතු කරන බවට උතුරු කොරියාව ද ප්‍රකාශයක් නිකුත් කරමින් එකඟ විය. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට අදාළව දෙරට අතර අත්සන් තැබුණු එකඟතාවයේ, උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හරින කාලය හෝ අත්හැරීම සිදුකරන්නේ කෙසේ ද යන්න පිළිබඳ කරුණු ඇතුලත් නොවන බවයි. මේ අතර උතුරු කොරියාවෙන් න්‍යෂ්ටික අවි ප්‍රහාර එල්ලවීමේ අවදානමක් තවදුරටත් නැතැයි ජනපති ට්‍රම්ප් ඊයේ කියා සිටියේ ය.