විශේෂ දීමනා ඉල්ලා පරිපාලන නිලධාරීන් අද ලෙඩ නිවාඩු

විශේෂ දීමනා ඉල්ලා රාජ්‍ය පරිපාලන නිලධාරීන් අද ලෙඩ නිවාඩු

by Staff writer 14-06-2018 | 7:38 AM

COLOMBO (News 1st) - රජයේ පරිපාලන නිලධාරීන් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනු ඇත.

ඒ, පරිපාලන සේවයට හිමිවිය යුතු විශේෂ දීමනා මෙතෙක් ලබා නොදීමට විරෝධය පළ කරමිනි. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, අද සිය ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි.