පස්සර වෙළෙඳසැලක ගින්නක්: කාන්තාවන් තිදෙනෙකු මරුට

පස්සර වෙළෙඳසැලක වූ ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු මරුට

by Staff writer 14-06-2018 | 6:29 AM

COLOMBO (News 1st) - පස්සර ප්‍රදේශයේ වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයින් අදාළ වෙළෙඳසැලේ කොටසක පදිංචිව සිටි බවයි. අද අලුයම හටගත් එම ගින්නෙන්, වෙළෙඳසැල සම්පුර්ණයෙන් ම විනාශ වී තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, මව, ඇගේ දියණිය සහ ඥාති දියණියකි. ගින්න නිවා දැමුව ද එම ස්ථානයට මෙතෙක් ළඟාවීමට නොහැකි බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.