ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් එළිදැක්වෙයි

ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් අමෙරිකාවේදී එළිදැක්වෙයි

by Staff writer 14-06-2018 | 1:26 PM

COLOMBO (News 1st) - ලොව ප්‍රකට ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් චිත්‍රපටය අමෙරිකාවේ ලොස්ඇන්ජලිස්හිදී එළිදැක්විය.

ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය 2015 වසරේ ලොව බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් බිලියන 1.67 ක ආදයමක් උපයා තිබේ. ජේ. ඒ බයෝනාගේ අධ්‍යක්ෂණයක් වන ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් චිත්‍රපටය පිටපත කෝලින් ට්‍රේවෝරෝ සහ ඩෙරික් කොනොලි ගෙනි. ක්‍රිස් ප්‍රැට්, බ්‍රයිස් හවර්ඩ් ඇතුළු ශීල්පින් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබේ. ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් චිත්‍රපටය වෙනුවෙන් ඩොලර් මිලියන 170 ක මුදලක් වැය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.