ගෝඨාභය අධිකරණයේ පෙනී සිටීමට එකඟ වෙයි

ගෝඨාභය අධිකරණයේ පෙනී සිටීමට එකඟ වෙයි

by Sagarika Chathumali 14-06-2018 | 6:39 PM

COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ, නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් බලාත්මක කිරීමට අභියාචානාධිකරණය අද නියෝග කළේ ය.

ඒ පෙත්සම අභියාචානාධිකරණ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි. තංගල්ල ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් භාවිත කළේ, යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව එම නඩුව ගොනු කර තිබේ. ලබන 25 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සීතාසි ලද විටෙක අධිකරණය හමුවේ පෙනී සිටීමටත්, සිය සේවාදායකයා එකඟ වන බව රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචානාධිකරණය හමුවේ කියා සිටියේ ය. පෙත්සම යළි ලබන 25 වන දා කැඳවීමට නියමිතයි.