ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරදඬුවම්

by Staff writer 14-06-2018 | 5:51 PM

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද මාස 6 ක සිර දඬුවමක් නියම කළේ ය.

ඒ වසරක කාලයක් සඳහා ලබාදී තිබූ දඬුවම මාස 6ක් දක්වා කාලයකදී ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කිරීමට හෝමාගම මහේස්‍ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියම කිරීමෙන් අනතුරුවයි. සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැණ තර්ජනය කිරීම සහ අධිකරණයට බලහත්කාරයෙන් කඩා වැදීම යන චෝදනාවලට වරදකරු වීමෙනි. සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ද, මහේස්ත්‍රාත්වරයා, ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියෝග කළේ ය. සිර දඬුවම්වලට අමතරව උන්වහන්සේට නියම කළ දඩ මුදල රුපියල් තුන්දහසකි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරියා, 2016 වසරේ ජනවාරි මස 25 වන දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ උන්වහන්සේ එලෙස අධිකරණයට බලහත්කාරයෙන් කඩා වැදී තිබිණ. https://www.youtube.com/watch?v=l5TDcOKlNCo