කාන්තා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි

කාන්තා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි

by Sagarika Chathumali 14-06-2018 | 3:39 PM

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඔහුගේ ඉල්ලා අස්වීම තම ආයතනය වෙත ලැබී ඇති බවයි. 2016 වසරේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත් කළ දේවප්‍රිය මහතා පෞද්ගලික කාරණාවක් මත ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති බවට එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.