by Staff writer 13-06-2018 | 1:51 PM
COLOMBO (News 1st) - සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා හොරව්පතාන රක්ෂිතයට මුදා හැරීමට වනජීවී අමාත්‍යවරයා කළ නියෝගයට පරිසර සංවිධාන දැඩි විරෝධය පළ කරයි.
පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කළේ, අදාළ නියෝගය වළක්වන්නැයි ඉල්ලමින් අද ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළ බව ය.
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ මේ වන විට දිවි ගෙවන්නේ මෙම වන අලි දෙදෙනා පමණි.
එම අලි තෙත් කලාපීය පරිසර පද්ධතිවලට හුරුවූවන් ය.
කෙසේ වෙතත් එම අලි දෙදෙනා සිංහරාජ මායිමේ පිහිටි ගම්මානලට කඩා වැදී ජීවිත හා දේපල හානි රැසක් සිදු කර තිබිණි.
වනජීවී අමාත්‍යවරයා අලි දෙදෙනා හොරව්පතාන රක්ෂිතයට මුදා හරින ලෙස නියෝග කර ඇත්තේ ඉන් අනතුරුව ය.
අමාත්‍යවරයාගේ නියෝගය අනුව දකුණු හා ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලය මෙම අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර තිබේ.
දකුණු හා ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා ප්‍රකාශ කළේ, අලි දෙදෙනා අල්ලා ගැනීමට තවත් දින 2ක් පමණ ගත විය හැකි බව ය.
කෙසේ වෙතත් අලි දෙදෙනා ඇල්ලීමෙන් පසුව කුමන ප්‍රදේශයකට යොමු කරන්නේ දැයි මෙතෙක් තමන්ට නියෝගයක් නොලැබුණු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.