මාලදිවයින් හිටපු ජනපති සිපිරිගෙට

මාලදිවයින් හිටපු ජනපති සිපිරිගෙට

by Sagarika Chathumali 13-06-2018 | 6:05 PM

මාලදිවයින් හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයූම්ට මාස 18 ක සිරදඬුවමක් නියමකර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එල්ල වී තිබූ නීතිය ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමේ චෝදනා වන්ට වරදකරු වීම හේතුවෙන් ඔහුට එලෙස දඬුවම් නියම කර ඇති බවයි. මාලදිවයින් අධිකරණය සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාට අමතරව එරට අගවිනිසුරුවරයකු වූ අබ්දුල්ලා සයීඩ් සහ විනිසුරුවරයකු වූ අලි හමීඩ්ට ද මාස 18 ක සිරදඬුවම් නියම කර ඇති බවයි. පොලිස් විමර්ශන සඳහා සිය ජංගම දුරකථන ලබාදීම ප්‍රතික්ෂේප කිරීම එම විනිසුරුවරු දෙදෙනාට එරෙහි චෝදනාවයි. මේ අතර ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසන්නේ, මෙය පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමේ අරමුණින් ලබාදී ඇති තීන්දුවක් බවයි.