මදුෂ්ගේ ප්‍රබල සහයකයින් තිදෙනෙකු අත්අඩංගුවට

මාකඳුරේ මදුෂ්ගේ ප්‍රබල සහයකයින් තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 13-06-2018 | 4:42 PM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මදුෂ්ගේ ප්‍රබල සහායකින් තිදෙනෙකු කඩුගන්නාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මහනුවර පොලීසිය කළ වැටලීමකදීයි. කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂයක මුදලක් ද සොයා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.