ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 13-06-2018 | 7:35 AM
COLOMBO (News 1st) - දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය ධාවනය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. එහි නිලධාරියෙකු සඳහන් කළේ, පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් අඹේපුස්ස සහ අලව්ව අතරදී එලෙස කාර්මික දෝෂයකට ලක් වූ බව ය. එම දුම්රිය මේ වන විට වෙනත් දුම්රියක් මාර්ගයෙන් අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා රැගෙන විත් ඇති බව ද පාලක මැදිරිය සඳහන් කළේ ය.