ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු ගමගේ දිවයිනට

කොදෙව් සංචාරය අතරතුර ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු ගමගේ දිවයිනට

by Staff writer 13-06-2018 | 11:42 AM
COLOMBO (News 1st) - තරග 3කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත හා ළහිරු ගමගේ ආබාධයකට ලක් වීමෙන් යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ දිවයිනට පැමිණෙන්නේ, ඔහු පළමු තරගය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඒ අනුව ඔවුන් දෙදෙනා වෙනුවට ධනුෂ්ක ගුණතිලක හා දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට කෙදෙව් දූපත් කරා අද රාත්‍රියේ පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.