අලව්වේ මාරක අනතුරක්..

අලව්වේ මාරක බස් අනතුරින් අයෙක් මරුට 30 දෙනෙකුට තුවාල

by Staff writer 13-06-2018 | 7:23 PM

COLOMBO (News 1st) - අලව්ව - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොහොලාන ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් 30 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ කොළඹ සිට ගල්නෑව සහ කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථ දෙකක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. තුවාලකරුවන් අලව්ව සහ කුරුණෑගල රෝහල්වලට ඇතුලත් කර ඇත. අලව්ව රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකු ප්‍රතිකාර ලබන බව නිව්ස්ෆස්ට් කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. ඉන් බරපතළ තත්ත්වයේ පසුවන 17 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. මියගොස් ඇත්තේ, අවුරුදු 60 පමණ පිරිමි පුද්ගලයකු බව පොලීසිය තහවුරු කළේ ය.