භූමිතෙල් මිල පහළ ගියත් තවමත් පැරණි මිලට ම

භූමිතෙල් මිල පහළ ගියත් තවමත් පැරණි මිලට ම

භූමිතෙල් මිල පහළ ගියත් තවමත් පැරණි මිලට ම

කර්තෘ Staff writer

13 Jun, 2018 | 1:29 pm

COLOMBO (News 1st) – ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල රුපියල් 70ක් දක්වා අඩු කිරීමට රජය නිවේදනය කළ ද තවමත් පැරණි මිලට භූමිතෙල් අලෙවි කරන බව වාර්තා වේ.

සිය බෝට්ටු සඳහා භූමිතෙල් මිලදී ගැනීමට වැලිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අද උදෑසන පැමිණි ධීවරයින් මෙලෙස පැරණි මිලට භූමිතෙල් මිලදී ගැනීමට සිදු විය.

මේ පිළිබඳව කළ විමසා බැලීමේදී පිරවුම්හලේ අයිතිකරු ප්‍රකාශ කළේ, මිල අඩු කිරීම පිළිබඳව ඉන්ධන සංස්ථාව විසින් තමන්ව දැනුවත් කර නොමැති බව ය.

පසුව ඔහු නැවතත් පැමිණ ධීවරයින් හට ප්‍රකාශ කළේ, සුළු වේලාවකට පෙර ඉන්ධන සංස්ථාව විසින් භූමිතෙල් මිල අඩු කිරීම පිළිබඳව තමන් දැනුවත් කළ බව ය.

මේ අතර හලාවත, ජම්බුවත්ත ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට පැමිණි ධීවරයින්ට ද භූමිතෙල් මිලදී ගැනීමට සිදු වුණේ, පැරණි මිලටම ය.