හිටපු ධීවර ඇමති සරත් කුමාර ඇතුළු 6කට අධිචෝදනා

හිටපු ධීවර ඇමති සරත් කුමාර ඇතුළු 6කට අධිචෝදනා

by Staff writer 12-06-2018 | 2:13 PM
COLOMBO (News 1st) : හිටපු ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ, අද අධිචෝදනා භාර දී තිබේ. මොවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වන්නේ, පසුගිය ජනාධිපතිවරණ සමයේ ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත්, රුපියල් දශලක්ෂ අනූ දහසක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙනි. අද දින මෙම නඩුව කැඳවනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේයී. මෙහිදී රුපියල් 25000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. නඩුව ලබන මස 23 වන දින යළි කැඳවීමට නියමිතයි.