COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැටුප හදිසියේ වැඩිකර තිබේ.
මේ ඒ පිළිබඳ අනාවරණයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති,තිලංග සුමතිපාල,
ගාල්ල ක්‍රීඩාංගණයේ අල් ජසීරා එක ගියාම ඒකත් මාව පටලවා ගන්නවා මම දන්නේ ඒක අවාම. ඊට පස්සේ අර ප්‍රේමසිරි මරපු එක ගේනවා සිරස නාලිකාවේ නිව්ස්වලට ස්පෝර්ට්ස් එකේ ගෙනවා කෙලින්ම ප්‍රේමසිරි මරපු එකේ අල් ජසීරා එකේ වාර්තාව අනුව මොකක්ද ළමයෙක් දාපු නැති මොකක්ද එකක්. ප්‍රේමසිරි මගේ මිත්‍රයා මම ඔහුව ඝාතනය කරපු එක ගැන කනගාටු වනවා. ප්‍රේමසිරිලා අපි අවුරුදු ගානක එකට ක්‍රිකට් ගහපු අය. අල් ජසීරා එකේ රිපෝට් එක අරන් කියනවා ප්‍රේමසිරි මරලාත් ඇත්තේ පිච් ෆික්සිං හින්ද ද දන්නේ නැහැ කියලා. ඒ වගේ පහත් මට්ටමේ ඒ වගේ දේවල් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සිරස ආයතනයට මගේ ගෟරවයක් තියෙනවා. ඒ හැම එක්කානම එහෙම නැහැ. හැබැයි මම කියන්න එනේ ඒවා බොහොම පහත් වැඩ ඒ මරනෙයි මගේ සම්බන්දේ මොකක්ද. අපේ සම්බන්දේ මොකක්ද
මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාව වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ක්‍රිකට් ආයතන නිලධාරීන් දෙදෙනෙකුගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබුනේ මැයි මස 28 වැනි දා පස්වරු 3.00 ට පැවැති විධායක කමිටු රැස්වීමට එක් වෙමිනි.
එහිදී ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ වැටුප 30% කින් හා ප්‍රධාන විධායක මෙහෙයුම් නිලධාරීයාගේ වැටුප 15 % කින් ඉහළ දැමීමට තීරණය කර තිබුණි.
මෙම කටයුත්ත සිදු වන්නේ අදාළ නිලධාරීන් දෙදෙනා ද මෙම කමිටු රැස්වීමට එක් ව සිටින අවස්ථාවකයි.
සිය කාලසීමාව අවසන්වීමට දින 3 කට ආසන්න කාලයක් තුළ මෙලෙස කඩිනමින් වැටුප් වැඩි කිරීමක් සිදු කීරීමට කටයුතු කරනු ලබන්නේ කාගේ උවමනාවක් මත ද?
163 දෙනෙකුට ආසන්න සේවකයින් පිරිසක් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර 3 කට ආසන්න කාලයක් තුළ වැටුප් වර්ධකයක් ලබාදීමට කටයුතු කර නොමැත.
මෙවැනි තත්ත්වයක් හමුවේ නිලධාරීන් දෙදෙනෙකුගේ පමණක් මෙලෙස හදිසියේ විධායක කමිටු සාකච්ඡාවකදී වැටුප් වර්ධක ලබාදීමට කටයුතු කළේ කාගේ අවශ්‍යතාවක් මත ද?
මෙවැනි කටයුතු කොතරම් දුරට සදාචාරාත්මක ද යන්න අප හමුවේ ඇති ගැටලුවයි.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට...