මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 26 ක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 26 ක් අත්අඩංගුවට

by Staff writer 12-06-2018 | 6:50 PM

COLOMBO (News 1st) - වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොම්පඤ්ඤ වීදිය, ජස්ටිස් අක්බාර් වීදියේදී අද එම පිරිස අත්අඩංගුවට ගත් බවයි. සංචාරක වීසා මත දිවයිනට පැමිණ ඇති මෙම පුද්ගලයින්ගේ වීසා කාලසීමව ඉක්ම ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි විය. අත්අඩංගුවට පත් චීන ජාතිකයින් පිරිස මිරිහාන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය වෙත යවා ඇත. ආගමන විගමන පනත අනුව ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.